Skip to content

Latest commit

 

History

History
26 lines (17 loc) · 4.3 KB

linux-03.md

File metadata and controls

26 lines (17 loc) · 4.3 KB

මූලික Linux විධාන - 03 කොටස

මූලික Linux විධාන පිළිබද නිබන්දනයේ තුන්වෙනි කොටසට ඔයාලව ආදරයෙන් පිලිගන්නවා. මේකේ පලවෙනි සහ දෙවෙනි කොටස් තාම කියෙව්වේ නැත්තම් පහල Comment Section එකේ links තියනවා ගිහින් කියවන්න.

⚫ history විධානය
මේ විධානය භාවිතා කරලා අපිට පුළුවන් අපි මෑතකදී terminal එක භාවිතා කරපු ඔක්කොම commands ටික නැවතත් බලන්න. මේ විධානය use කරන්න නම් terminal එකේ history කියල type කරලා enter කරන්න.

⚫ last විධානය
මේ විධානය භාවිතා කරලා අපිට බලාගන්න පුළුවන් කවුද අපේ system එකට Log In සහ Log out උනේ කියල. මේ විධානය use කරන්න නම් terminal එකේ last කියල type කරලා enter කරන්න.

⚫ df විධානය
මේ විධානය භාවිතා කරලා අපිට බලාගන්න පුළුවන් file system usage එකේ report එකක්. භාවිතා කිරීමට df කියල type කරලා enter කරන්න.

⚫ netstat විධානය
මේ විධානය මගින් system එකේ network statistics පරික්ෂා කරගන්න පුළුවන්. මේ විධානය මගින් current network connections, routing table information, interface statistics, masquerade connections වගේ දේවල් ලස්තුගත කරලා අපිට පෙන්වනවා.

⚫ shutdown -h now විධානය
පරිගණකය CLI එකෙන් shutdown කරන්න ඕනෙනම් මේ විධානය භාවිතා කරන්න පුළුවන්.

⚫ head සහ tail විධානයන්
file එකක් පලවෙනි පේලි කිහිපය දක්වන්න මේක භාවිතා කරනවා. Default මේකෙන් පෙන්නනේ පලවෙනි පේලි 10. නමුත් -n option එක භාවිතා කරලා අපිට පුළුවන් මේ පෙන්වන පේලි ගණන වෙනස් කරගන්න.
file එකක් අවසාන පේලි කිහිපය දක්වන්න මේක භාවිතා කරනවා. Default මේකෙන් පෙන්නනේ අවසාන පේලි 10. නමුත් -n option එක භාවිතා කරලා අපිට පුළුවන් මේ පෙන්වන පේලි ගණන වෙනස් කරගන්න.

හොදයි යාලුවනේ. මේ ලිපියට මම ලියන්න බලාපොරොත්තු උනේ ඔච්චරයි. වැරදි අඩුපාඩු තියනවනම් කියන්න. මේවගේම තවත් ලිපියකින් මුණගැහෙමු. ලිපිය කියෙව්වට ස්තුතියි. මේ ලිපිය යාළුවන් අතර බෙදාගන්න අමතක කරන්න එපා.
Written With ❤️ By -Sameera Madushan- a.k.a άλφα Χ